― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeWorldචීනයෙන් ආන්දෝලනාත්මක සිතියමක් එළි දකී

චීනයෙන් ආන්දෝලනාත්මක සිතියමක් එළි දකී

දකුණු චීන මුහුදේ මත භේදකාරි දිවයින් කිහිපයක් ඇතුළුව 80%ක ප්‍රදේශ තමන් සතුව ඇති බවට සඳහන් නව සිතියමක් චීනය විසින් හඳුන්වා දී තිබෙනවා.

මෙම නව සිතියමෙන් පෙන්වා දී ඇත්තේ සම්පත් බහුල ස්පාලි සහ පාසල් යන දිවයින් ද නිත්‍යානුකූලව චීනයට අයත් බවයි.

මෙලෙස චීනය තම සිතියම මඟින් අයිතිය ප්‍රකාශ කරන ලද දකුණු චීන මුහුදට අයත් රටවල් කිහිපයක්ම විරෝධතා දක්වා ඇති බවයි වාතථා වන්නේ.

මෙම සිතියම අවලංගු සිතියමක් වශයෙන් හඳුන්වාදෙන වියට්නාමය පවසන්නේ චීනය එළි දක්වා ඇති දකුණු චීන මුහුදේ නව සිතියම වියට්නාමයේ ස් ස්වෛරී සාගර අයිතිය උල්ලංඝනය කරන බවයි.

පිලිපීනය, තායිවානය සහ මැලේසියාව ද චීනයේ නව සිතියම ප්‍රතික්ෂේප කරන බවයි වාතථා වන්නේ.