27.2 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් අලවන්නන්ට නීති තද වෙයි

මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් අලවන්නන්ට නීති තද වෙයි

සුරාබදු ආදායම අපේක්ෂිත මට්ටමට වඩා විශාල වශයෙන් පහළ යාම හේතුවෙන් හඳුන්වා දුන්, නව ස්ටිකර් ක්‍රමවේදය උපක්‍රමිකව වෙනස් කරමින් සිදුකරන මත්පැන් අලෙවිය පිලිබඳව සොයාබැලීම සඳහා සිදුකළ වැටලීම්වලින් පසුගිය සිකුරාදා වනවිට එවැනි සැකසහිත ස්ටිකර් සහිත මත්පැන් බෝතල් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේදී ඊයේ සවස පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම වැටලීම්වලින් පසුගිය සතියට සාපේක්ෂව මේ සතියේ අත්අඩංගුවට ගත් ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් සංඛ්‍යාව විශාල ලෙස පහළ ගොස් ඇති බවයි.

ඒ අනුව මෙම වැටලීම් ක්‍රියාවලිය සාර්ථක වී ඇති බවද ඔහු සඳහන් කළා.