― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldශ්‍රී ලංකාවට නෑකම් කියන අයෙක් සිංගප්පූරු ජනපති පුටුවට

ශ්‍රී ලංකාවට නෑකම් කියන අයෙක් සිංගප්පූරු ජනපති පුටුවට

සිංගප්පූරු වැසියන් තම මීළඟ ජනාධිපතිවරයා ලෙස තර්මන් ෂන්මුගරත්නම් තෝරාගෙන තිබෙනවා.

තර්මන් ෂන්මුගරත්නම් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙක් වීම විශේෂත්වයක්.

තර්මන් ෂන්මුගරත්නම්ගේ මව යාපනය – ඌරලු ප්‍රදේශයේ පදිංචිකාරිනිය බවයි වාර්තා වන්නේ.

2011 වසරේ සිට 2019 දක්වා එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ෂන්මුගරත්නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කමිටු සභාපතිවරයා ලෙස ද කටයුතු කළ අයෙක්.

66 හැවිරිදි වියේ පසුවන ධර්මන් ෂන්මුගරත්නම් සිංගප්පූරු ජනාධිපතිවරණය වෙනුවෙන් තරග වැඳුණු අපේක්ෂකයින් දෙදෙනෙකු අභිබවා යමින් ඡන්ද 70.4 ක ප්‍රතිශතයක් ලබාගෙන තිබුණා.

මේ අතර අලුතින් තේරී පත් වූ සිංගප්පූරු නව ජනාධිපතිවරයා වෙත ඇමරිකා එක්සත් ජනපදයේ සුබ පැතුම් එක්කර තිබුණා.

ජාතීන් දෙක අතර පවතින මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ කල්පවත්නා බැඳීම් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සිංගප්පූරු ජනාධිපති ෂන්මුගරත්නම් සහ සිංගප්පූරු ජනතාව සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන බවයි ඇමරිකා එක්සත් ජනපදය සිය සුබ පැතුම එක්කරමින් වැඩිදුරටත් පවසන්නේ.