22 C
London
Tuesday, September 26, 2023

ජුබිලි මාවතේ වෙඩි තැබීමට සංගීත කණ්ඩායමක ගායකයෙක් අත්අඩංගුවට

වැලිවේරිය – ජුබිලි මාවතේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි මාදෙල්ගමුවේ ‘වේග බට්ටා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන අපරාධ කල්ලි සාමාජිකයාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීගමුවේ සංගීත කණ්ඩායමක නිත්‍ය ගායකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ඊයේ (03) ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබා දී තිබුණා.

මෙම සැකකරු විසින් වෙඩික්කරුවන්ට අපරාධය සිදුකිරීම සඳහා යතුරුපැදිය ලබාදී ඔවුන්ට ආධාර අනුබල ලබාදී ඇති බවටයි අනාවරණය කරගෙන ඇත්තේ.

සැකකරු මීගමුව – සමෘද්ධිගම ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහුගේ ජංගම දුරකථනය ද පොලිස් නිලධාරීන් භාරයට ගෙන එහි දත්ත ඔස්සේ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.

මෙම සැකකරු දැනට විදේශයක සැඟව සිටින ‘කිරි පුතා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතම ගෝලයකු වනවා.

මෝටර් රථයකින් ගමන් කරමින් සිටි නුවන් රන්ජන් හෙවත් ‘වේග බට්ටා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන අපරාධ කල්ලි සාමාජිකයාට පසුගිය අගෝස්තු මස 05 වනදා මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.

පස් කැපීමේ සිද්ධියක් මුල් කරගෙන ගම්පහ, කෙහෙල්බද්දර ප්‍රදේශයේ පාතාල කල්ලි දෙකක් අතර කලක සිට පවතින ආරවුලක් මෙම වෙඩි තැබීමට හේතු වී ඇති බවයි පොලීසිය පැවසුවේ.

Latest

රාජ්‍ය බදු ආදායම් උපයා දෙන ආයතන අධීක්ෂණයට විශේෂ ඒකකයක් ස්ථාපිත කළ යුතුයි 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රටට බදු ආදායම් උපයා දෙන...

අස්වැසුමේ ප්‍රගතිය පිළිබඳ ලෝක බැංකුව සමඟ සාකච්ඡාවක්

අස්වැසුම, සුභසාධක ප්‍රතිලාභ දීමනා වැඩසටහනෙහි ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් ලෝක...

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක්

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක් සිදු වී...

පාපුවරුවෙන් ඇද වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ලංගම බස් රථයක ඉදිරි පාපුවරුවේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු...

Don't miss

රාජ්‍ය බදු ආදායම් උපයා දෙන ආයතන අධීක්ෂණයට විශේෂ ඒකකයක් ස්ථාපිත කළ යුතුයි 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රටට බදු ආදායම් උපයා දෙන...

වරාය නගරය “කොළඹ මූල්‍ය කලාපය” බවට පරිවර්තනය කිරීම සඳහා නව නීතියක්

ශ්‍රී ලංකාව තුළ කාර්යක්ෂමව ආරවුල් විසඳීම සඳහා දැනට පවතින...

ආණ්ඩුව කවදාවත් ඉටු නොකරන පොරොන්දුවක් උදය කියයි

ආණ්ඩුවේ ගනුදෙනු හෙළි කරන වෙබ් අඩවියක් ආරම්භ කරන බවට...

මෙවර සුරංගනා කතාවක් නොවන අයවැයක් – වජිර

නියමිත කාලයට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බව එක්සත්...

ජනපතිගේ ඇමෙරිකානු සංචාරය රටට ප්‍රතිලාභ රැසක් ගෙන දෙන සාර්ථක සංචාරයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇමෙරිකානු සංචාරය සම්බන්ධයෙන් විපක්ෂය විවිධ...

සියලුම ස්පා නියාමනයට නව නීති මාලාවක්

දිවයින පුරා පවතින සියලුම සම්භාහන මධ්‍යස්ථාන නියාමනය කර ඒවා පවත්වාගෙන යාමට නව නීති මාලාවක් හඳුන්වාදීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු කරමින් පවතී. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින්...

පවුම් 20ක රන් භාණ්ඩ සොරාගත් සිව්දෙනෙක් අත්අඩංගුවට

මන්නාරමේ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් තුළ තිබූ පවුම් 20ක් පමණ වටිනා ස්වර්ණාභරණ සොරාගත් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගත්...

මහජන දිනය මගහරින ඇමතිවරුන්ට රතු එළියක්

සිය අමාත්‍යංශවල මහජන දින නොපවත්වන කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් පිළිබඳව ජනාධිපති රනිල් විරමසිංහගේ අවධානය යොමුව තිබේ. ඒ ගැන තමන්ට වහාම වාර්තාවක් ලබා දෙන්නැයි...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here