27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑකම පවුලේ 07ක් රෝහලට යැවූ අනතුර

එකම පවුලේ 07ක් රෝහලට යැවූ අනතුර

වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ හඳපානාගල, දෙහිගස් හංදිය ප්‍රදේශයේ දී වෑන් රථයක් පිටුපස ලොරි රථයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් ලොරි රථයේ ගමන් ගත් හත්දෙනෙකු තුවාල ලබා හඳපානාගල ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ලොරි රථයට ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ වැන් රථය එක්වරම තිරිංග ක්‍රියාත්මක කිරීමත් සමඟ පසුපසින් පැමිණි ලොරි රථය වෑන් රථයේ පිටුපස ගැටී තිබෙනවා.

එහිදී වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන නතර වී ඇති අතර අනතුරින් තුවාල ලබා ඇත්තේ ලොරි රථයේ ගමන් ගත් වැලිමඩ ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ පිරිසක්.

අනතුර සම්බන්ධයෙන් විමර්ශන වැල්ලවාය පොලිස් ස්ථානයේ විසින් සිදුකරනු ලබනවා.