31.7 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති රනිල් විදෙස්ගත වෙයි

ජනපති රනිල් විදෙස්ගත වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 13 වැනිදා පෙරවරුවේ ප්‍රධාන ජාත්‍යන්තර සමුළු දෙකකට සහභාගීවීම සඳහා විදෙස් ගතවීමට නියමිතය.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වාර්ෂික සැසි වාරයට සහ කියුබාවේ හවානා නුවර පැවැත්වෙන ජී 77 කණ්ඩායමේ සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපතිවරයා එලෙස දිවයිනෙන් පිටත්ව යන බවයි.

ජනාධිපතිවරයා මුලින්ම කියුබාවේ හවානා නුවර ජී 77 සමුළුවට සහභාගි වීමට නියමිතය.

ඉන්පසුවයි ජනාධිපතිවරෞආ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වාර්ෂික සැසිවාරයට සහභාගි වීමට නියමිතව ඇත්තේ.