27.2 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldයුක්‍රේනයේ ආරක්ෂක ඇමති නෙරපයි

යුක්‍රේනයේ ආරක්ෂක ඇමති නෙරපයි

යුක්‍රේනයේ ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සි රෙස්නිකොව් සිය ධුරයෙන් නෙරපා හැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව යුක්‍රේනයේ ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි දේශනයකදී සඳහන් කළේ ආරක්ෂක අමාත්‍යාංශයේ ‘නව ප්‍රවේශයන්’ සඳහා කාලය එළඹ ඇති බවයි.

2022 පෙබරවාරි මාසයේ දී රුසියාවේ ආක්‍රමණය ආරම්භ වීමට පෙර සිටම ඔලෙක්සි රෙස්නිකොව් යුක්‍රේනයේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරණු ලැබුවා.

ඒ අනුව රෙස්නිකොව්ගේ අනුප්‍රාප්තිකයා ලෙස රුස්ටම් උමෙරොව්, යුක්‍රේනයේ ජනාධිපති සෙලෙන්ස්කි විසින් පත්කර ඇති බව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

යුක්‍රේනයේ මාධ්‍ය පවසන්නේ හිටපු ආරක්ෂක අමාත්‍ය රෙස්නිකොව් ලන්ඩනයේ කියෙව්ගේ නව තානාපතිවරයා ලෙස පත්වී යනු ඇති බවයි.
57 හැවිරිදි රෙස්නිකොව් යුක්රේනයේ යුද්ධය ආරම්භයේ සිටම ප්‍රසිද්ධ චරිතයක් බවට පත්ව සිටියා.