27.8 C
Colombo
Sunday, December 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋසස් පෙළ සිසුන් 71.7%කට සරසවි වරම්

උසස් පෙළ සිසුන් 71.7%කට සරසවි වරම්

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි අයැදුම්කරුවන් 166,938 දෙනකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙම විභාගයට පාසල් අයැදුම්කරුවන් 2,32,797ක් හා පෞද්ගලික අයැදුම්කරුවන් 31,136 දෙනෙකු පෙනී සිටි බවත්, ඔවුන් අතරින් පාසල් අයැදුම්කරුවන් 1,49,487 දෙනෙකු හා පෞද්ගලික අයැදුම්කරුවන් 17,451 දෙනෙකු මෙසේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා තිබෙන බවත් එම දෙපාර්තමේන්තුව පැවසීය.