― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsගෙවල් කුලී පනත අවලංගු කිරීමට අනුමැතිය

ගෙවල් කුලී පනත අවලංගු කිරීමට අනුමැතිය

1972 අංක 7 දරණ ගෙවල් කුලී පනත අවලංගු කිරීම සහ පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත හඳුන්වා දීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඉඩම් හිමියන්ගේ හා කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම් සහ යුතුකම් නිශ්චය කිරීමේ අරමුණින් හඳුන්වා දෙනු ලැබ ඇති 1972 අංක 7 දරණ ගෙවල් කුලී පනත සඳහා අවස්ථා කීපයක දී සංශෝධන සිදුකරනු ලැබුවා.

කෙසේ වෙතත් එම පනතින් අපේක්ෂිත අරමුණු ඉටු නොවන බව පෙනී ගොස් ඇති බවයි රජය පවසන්නේ.

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය යටතේ ස්ථාපිත කරනු ලැබ ඇති ගෙවල් කුලී නීතිය පිළිබඳ උපදේශක කමිටුව විසින් මේ පිළිබඳව කරුණු අධ්‍යයනය කර ඇති අතර ඒ අනුව කුලී නිවැසියාගේ සහ ඉඩම් හිමියාගේ අයිතිවාසිකම් සමානව ආරක්ෂා කිරීම අරමුණු කරගත් නව නීතියක් හඳුන්වාදීම සුදුසු බවට යෝජනා කර තිබෙනවා.