26.7 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldනව කොවිඩ් ප්‍රභේදයක් ගැන අනතුරු ඇඟවීමක්

නව කොවිඩ් ප්‍රභේදයක් ගැන අනතුරු ඇඟවීමක්

නව කොවිඩ් ප්‍රභේදයක් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නව ප්‍රභේදය හඳුන්වා දී ඇත්තේ පිරෝලා නොහොත් BA.2.86 නමිනි.

උගුරේ අමාරුව, දියර ගැලීම හෝ නාසය අවහිර වීම, කැස්ස සහ හිසරදය මෙම නව ප්‍රභේදයේ රෝග ලක්ෂණ වන බවයි වාර්තා වන්නේ.

විශේෂඥයින් පවසන්නේ ඔමික්‍රොන් ප්‍රභේදයට වඩා මෙම ප්‍රභේදය බෙහෙවින් විකෘති වූ ප්‍රභේදයක් බවයි.

එමෙන්ම විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ මේ වන විට අමෙරිකාව, බ්‍රිතාන්‍යය, චීනය, ඊශ්‍රායලය, කැනඩාව, ඩෙන්මාර්කය, දකුණු අප්‍රිකාව, ස්වීඩනය, නෝර්වේ, ස්විට්සර්ලන්තය සහ තායිලන්තය යන රටවලින් මේ ප්‍රභේදය හඳුනාගෙන ඇති බවයි.