32.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයට වී දෙන්න ගොවීන් කැමති නෑ

රජයට වී දෙන්න ගොවීන් කැමති නෑ

වී අලෙවි මණ්ඩලය විසින් වී මිලදී ගැනීමට සූදානම් නමුත් ගොවීන් විසින් වී අලෙවි මණ්ඩලයට වී ලබා නොදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඊයේ (04) මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

කවර අවස්ථාවක වුවත් අවශ්‍ය ප්‍රමාණයකින් වී මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම් බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

එමෙන්ම වී අලෙවි මණ්ඩලයේ ඕනෑම වී ගබඩාවක් විවෘතව තැබීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බවයි ඔහු මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර දැනට රජය සතුව ප්‍රමාණවත් තරම් වී සහ සහල් සංචිත නොමැති බව ද අමාත්‍යවරයා පැවසුවා.