30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑජාපය 77 වන සංවත්සරය සමරයි

එජාපය 77 වන සංවත්සරය සමරයි

මෙරට පැරණිතම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය අද සිය 77 වන සංවත්සරය සමරනු ලැබුවා.

ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දීයි.

ඉතා චාම් ආකාරයෙන් පැවත් වූ මෙම උත්සවයට එක්සත් ජාතික පක්ෂය ජාතික සංවිධායක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, පක්ෂ මහ ලේකම් රංගේ බණ්ඩාර ඇතුළු පක්ෂයේ ප්‍රබලයින් සහ පාක්ෂිකයන් රැසක් එක්ව සිටියා.

පළමුව ආගමික වතාවත්වලින් අනතුරුව පක්ෂයේ දිවංගත නායකයින්ගේ පිළිරුවට පුෂ්ප උපහාර දැක්වීම සිදුකෙරුණු අතර, අනතුරුව නායකයින්ගේ ප්‍රධානත්වයෙන් කේක් කපා සංවත්සරය සමරණු ලැබුවා.

ඉන් අනතුරුව රැස්ව සිටි පාක්ෂිකයින් අමතා පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර අදහස් දැක්වීම සිදු කළා.

මෙම උත්සවයේ ප්‍රධාන දේශනය සිදුකරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන හා පර්යේෂණ අංශයේ සභාපති හිටපු අමාත්‍ය කරුණාසේන කොඩිතුවක්කු විසින්.