25.6 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගෝඨාගේ අත්සන හොරාට යෙදූ අයෙක්ට සිර දඬුවම්

ගෝඨාගේ අත්සන හොරාට යෙදූ අයෙක්ට සිර දඬුවම්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අත්සන ව්‍යාජ ලෙස යොදාගනිමින් කූඨ ලේඛන සකස් කළ බව කියන රාජ්‍ය බැංකු නිලධාරියෙකු එම චෝදනාවට වරද පිළිගෙන තිබෙනවා.

මෙම බැංකු නිලධාරියාට දැඩි ලෙස අවවාද කිරීමෙන් පසු අත්හිටවූ සිරදඩුවම් නියම කිරීමටයි කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

එක් චෝදනාවකට මාස 6 බැගින් චෝදනා දෙකට වසරක සිර දඬුවම වසර 05කට අත්හිටුවීමට නියම කෙරුණු අතර සැකකරුට රුපියල් 1500ක දඩයක් ද නියම කර තිබෙනවා.

වැඩ තහනමට ලක්ව සිටින මොහු යළි සේවයේ පිහිටුවීම සදහා ව්‍යාජ ලිපි ශීර්ෂයක ජනපතිගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ඉදිරිපත් කිරීම චෝදනාවයි.