― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsබීමතින් රිය පැදවූ පොහොට්ටු මන්ත්‍රීට සිර දඬුවම්

බීමතින් රිය පැදවූ පොහොට්ටු මන්ත්‍රීට සිර දඬුවම්

බීමතින් යතුරු පැදියක් ධාවනය කිරීම හේතුවෙන් පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට අධිකරණය සිර දඬුවම් නියම කර තිබේ.

සැකකාර හිටපු මන්ත්‍රීවරයාට බරපතළ වැඩ සහිත මාස දෙකක සිර දඬුවමක් සහ රුපියල් 75,000 ක දඩයක් අධිකරණය විසින් නියම කර ඇත.

සැකකාර හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගම්පොළ මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දී තිබේ.

මෙම සැකකාර හිටපු මන්ත්‍රීවරයා, ගම්පොල උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්පොල වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරියා ලෙස කටයුතු කරන අතර මෙවර මැතිවරණය සඳහා ද පොදුජන පෙරමුණෙන් නාවලපිටිය ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින බවයි වාර්තා වෙන්නේ.