27.2 C
Colombo
Friday, August 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආරක්ෂක ලේකම්ගේ ගීතය හා කෘතින් එළිදක්වයි

ආරක්ෂක ලේකම්ගේ ගීතය හා කෘතින් එළිදක්වයි

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න විසින් රචිත ‘තාරා ගේ ආගමනය’ හා ‘කඩොල් ඇත්තු’ (පරිවර්තන) නව කතා ද්විත්වය සහ ‘ඇහේ කඳුළැලි’ ගීතය එළිදැක්වීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී ඊයේ (06) පැවැත්වුණා.

නවකතා ද්විත්වයෙහි පළමු පිටපත් ආරක්ෂක ලේකම් විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා. අනතුරුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු කථානායක කරූ ජයසූරිය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන් වෙත කෘති පිළිගැන්වීම සිදු වුණා.

ආරක්ෂක ලේකම් විසින් රචිත ‘ඇහේ කඳුළැලි’ ගීතය යසස් මැදගෙදර මහතා විසින් සංගීතවත් කර තිබෙනවා. ආනන්ද විද්‍යාලයේ පුස්තකාලය වෙත පිරිනැමුණු ග්‍රන්ථ කට්ටලය එම විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක වෙත මෙහිදී භාර දෙනු ලැබුවා.