30 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනව විශ්ව විද්‍යාල 10ක් ඇරඹීමේ යෝජනාවක්

නව විශ්ව විද්‍යාල 10ක් ඇරඹීමේ යෝජනාවක්

21 වැනි ශත වර්ෂයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීමට අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඒ සඳහා විදෙස් රටවලින්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් මෙන්ම ශිෂ්‍ය පාර්ලිමේන්තුවලින් ද අදහස් ගන්නා බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඉදිරි සති දෙක තුළ පත් කිරීමට නියමිත දේශපාලන පක්ෂ ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳ ‍නව කොමිසමට ශිෂ්‍ය පාර්ලිමේන්තුවල අදහස් හා යෝජනා ලබා දිය හැකි බව ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති කාර්යාලයේ ඉතිහාසය මෙන්ම මෙරට රාජ්‍ය පාලනයේ ප්‍රධාන තීන්දු තීරණ ගන්නා ස්ථානය ලෙස එහි ව්‍යුහය ඇතුළුව කාර්ය භාරය පිළිබඳ මෙහිදී සිසුන් වෙත පැහැදිලි කළ ජනාධිපතිවරයා ඔවුන් විසින් නඟන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේය.

ඉදිරියේදී අවම වශයෙන් නව විශ්වවිද්‍යාල 10ක් පමණ මෙරට ආරම්භ කිරීමට අදහස් කරන බවත්, ශිෂ්‍ය ණය පහසුකම හරහා එංගලන්තය, අමෙරිකාව ආදී රටවල උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ද අවස්ථාව ලබා දෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.