2024 වසරේ ඇතිවීමට නියමිත ආහාර අර්බුදය සහ ආසියාතික රටවල් රැසක සහල් අපනයනය අත්හිටුවීම හමුවේ සහල් තොග පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.
එබැවින් ආනයනය කර සහල් තොග පවත්වාගෙන යාමට තමන් නිර්දේශ කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
සහල් මිල ඉහළ යාම සහ පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරයා එහිදී අදහස් පළ කළේය.