23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගුරුවරයකුගෙන් ගුටි කෑ සිසුවාට සැත්කමක්

ගුරුවරයකුගෙන් ගුටි කෑ සිසුවාට සැත්කමක්

ගුරුවරයෙකුගෙන් පහර කෑ 13 හවිරිදි සිසුවෙක් ශල්‍යකර්මයකට භාජනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ කෑගල්ල නගරයේ පිහිටි මිශ්‍ර පාසලක ගුරුවරයකු විසින් මෙම සිසුවාගේ කනට දරුණු ලෙස පහරදීම හේතුවෙන් රෝගාතුරවූ සිසුවා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කළ බවයි.

මෙම සිසුවා රෝහලේ උගුර, කන හා නාසය පිළිබඳ වාට්ටුවට ඇතුළත් කිරීමෙන් පසු වෛද්‍යවරුන් පවසා ඇත්තේ දරුවාගේ කන් බෙරයට හානීවී ඇති බැවින් ශල්‍යකර්මයක් සිදු කිරීමට අවශ්‍ය බවයි. ඒ අනුව ඊයේ (07) පෙරවරුවේ දරුවා ශල්‍යකර්මයකට භාජනය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පහරදීම සම්බන්ධයෙන් දරුවාගේ දෙමාපියන් විසින් කෑගල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කර ඇති අතර ඊට අදාළව විමර්ශන ආරම්භ කර තිබේ.