27.2 C
Colombo
Sunday, September 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeArtදමිළ සිනමාවේ ප්‍රවීණ නළුවෙක් හදිසියේම ජීවිතක්ෂයට

දමිළ සිනමාවේ ප්‍රවීණ නළුවෙක් හදිසියේම ජීවිතක්ෂයට

දමිළ සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පියෙකු සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වන ජී.මාරිමුතු හදිසියේම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු අද (08) පෙරවරුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

57 හැවිරිදි ජී.මාරිමුතු චෙන්නායි හි පෞද්ගලික රෝහලකදී මියගොස් ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා. කොලිවුඩ් සිනමාවේ සුපර් ස්ටාර් ලෙස හඳුන්වන රාජිනි කාන්ත්ගේ නවතම චිත්‍රපටය වන ජේලර් චිත්‍රපටයට ජී .මාරිමුතු අවසන් වරට රංගනයෙන් දායකත්වය ලබා දී තිබුණා.