25.6 C
Colombo
Saturday, December 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldදෝනි - ට්‍රම්ප් සමඟ ගොල්ෆ් ක්‍රීඩා කරයි

දෝනි – ට්‍රම්ප් සමඟ ගොල්ෆ් ක්‍රීඩා කරයි

හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි සහ හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් එක්ව ඊයේ (07) ගෝල්ෆ් ක්‍රීඩා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හිටපු ජනාධිපතිවරයාගෙන් දෝනිට ලැබුණු ආරාධනාවක් මත මෙම හමුවීම සිදුව ඇති අතර ඔවුන් දෙදෙනා එකට එක්ව ක්‍රීඩා කරන වීඩියෝපට සහ ජායාරූප මේ වනවිට සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙමින් පවතී.

මේ දිනවල ලොව පුරා සංචාරය කරන මහේන්ද්‍ර සිං දෝනි අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලිය නැරඹීමට ගිය අවස්ථාවේදීයි එරට ජනාධිපති ට්‍රම්ප් ඔහුට මෙම ආරාධනාව කර ඇත්තේ.