29.5 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපනත් දෙකකට කථානයකගේ සහතිකය

පනත් දෙකකට කථානයකගේ සහතිකය

පාර්ලිමේන්තුවේදී ඊයේ (07) සම්මත කරන ලද දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (08) සිය සහතිකය සටහන් කර තිබෙනවා.

මෙම පනත් කොටුම්පත් දෙක සම්බන්ධයෙන් විවාදය ඊයේ (07) සහ පෙ‌රේදා (06) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමෙන් අනතුරුවයි සම්මත කිරීම සිදු වූයේ.

ඒ අනුව 2023 අංක 14 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත සහ 2023 අංක 15 සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත වශයෙන් මෙම පනත් දෙක අද (08) සිට බලාත්මක වනවා.