30.6 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසැප්තැම්බරයේ සංචාරකයින් 23,000ක් මෙරටට

සැප්තැම්බරයේ සංචාරකයින් 23,000ක් මෙරටට

සැප්තැම්බර් මාසයේ මුල් දින හය තුළ සංචාරකයින් 23,000කට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව මෙම මාසයේ මේ දක්වා මෙරටට පැමිණ ඇති විදේශිකයින් සංඛ්‍යාව 22,896ක්.

එම සංචාරකයන්ගෙන් වැඩි පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 6,188ක්. සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ එක්සත් රාජධානියෙන් පුද්ගලයින් 1,693ක්, ජර්මනියෙන් 1,513ක්, රුසියාවෙන් 1,434ක්, ඕස්ට්‍රේලියාවෙන් 1,127ක් සහ චීනයෙන් සංචාරකයින් 1,114ක් ද මේ මාසයේ ගතවූ දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.

අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 136,405ක්. ඒ අනුව වසරේ මේ දක්වා සංචාරකයින් 927,214ක් මෙරටට පැමිණ තිබෙනවා.