― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldස්පාඤ්ඤ ජනපතිට කොවිඩ්

ස්පාඤ්ඤ ජනපතිට කොවිඩ්

ස්පාඤ්ඤයේ ජනාධිපති පේද්‍රෝ සැන්චෙස් හට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

ඔහුට සිදුකළ කොවිඩ් පරීක්ෂණයදී මෙලෙස කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ හේතුවෙන් ඔහු ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පැවැත්වෙන G20 සමුළුවට එක් නොවීමට ද තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙවර G20 සමුළු වෙනුවෙන් ස්පාඤ්ඤය නියෝජනය කරමින් උප ජනාධිපති නාඩියා කැල්විනෝ සැන්ටමාරියා සහ විදේශ අමාත්‍යවරයා එක්වන බවයි වාර්තා වුණේ.

මෙවර G20 සමුළුවෙන් ඉවත් වූ තුන්වන රාජ්‍ය නායකයා බවට ස්පාඤ්ඤයේ ජනාධිපති පේද්‍රෝ සැන්චෙස් පත්වන අතර රුසියාවේ ව්ලැඩිමීර් පුටින් සහ චීනයේ ෂී ජින්පින් මීට පෙර මෙම සමුළුව සඳහා එක් නොවන බව පවසා තිබුණා.