30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඑංගලන්තයේ පදිංචි තරුණිය ගල්කිස්සේ මහල් නිවාසයකින් වැටී ජීවිතක්ෂයට

එංගලන්තයේ පදිංචි තරුණිය ගල්කිස්සේ මහල් නිවාසයකින් වැටී ජීවිතක්ෂයට

අද (09) අලුයම් කාලයේදී ගල්කිස්ස මහල් නිවාස සංකීර්ණයක නිවසක පදිංචිව සිටි තරුණියක් ඉහළ මහලයකින් පහළට වැටී මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ එංගලන්තයේ පදිංචිකාරිණියක් බවයි සඳහන් වන්නේ.

ඇය Facebook හරහා වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි නීති ශිෂ්‍යයෙකු හඳුනාගෙන ඇති අතර පසුව දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කර තිබෙනවා.

ගල්කිස්ස අල්විස් මාවතේ පිහිටි අන්තර්ජාලය හරහා වෙන් කරගන්නා ලද අදාළ නිවාස සංකීර්ණයේ නිවසක් කුලියට ගෙන ඇති ඇය, පසුගිය අප්‍රේල් මස ලංකාවට පැමිණ එහි පදිංචිව සිට ඇත.

හෙට (10) දින ඇය නැවතත් එංගලන්තය බලා යාමට නියමිතව තිබූ බවත් වාර්තා වෙනවා.

ගල්කිස්ස පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.