― political ―

රනිල්ට යුතුකම ඉටු කරන්න ජනතාව බලා සිටිනවා – අකිල

රටේ අර්බුදය නැති කළ රනිල් වික්‍රමසිංහට යුතුකම ඉෂ්ට කරන්න ජනතාව සූදානමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් පවසනවා. අද (10) සිරිකොත...
HomeNewsPoliticalපොපි මල් දින සැමරුම් පළමු පොපි මල ජනපතිට පළඳවයි

පොපි මල් දින සැමරුම් පළමු පොපි මල ජනපතිට පළඳවයි

පොපි මල් දිනය නිමිත්තෙන් පළමු පොපි මල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැළඳවීම අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා මහතා විසින් පළමු පොපි මල ජනාධිපතිවරයා වෙත පළඳවනු ලැබීය.

ලෝක සංග්‍රාමවලදී මෙන්ම පසුගිය තිස් වසරක් පුරා ශ්‍රි ලංකාවේ පැවති අභ්‍යන්තර යුධ ගැටුම්වලදී ජීවිත පූජාකළ විරෝධාර රණවිරුවන් අනුස්මරණය කරමින් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වාර්ෂිකව පොපි මල් දිනය සංවිධාන කරයි.

පොපි මල් අළෙවියෙන් ලැබෙන ආදායම ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයට අනුබද්ධිත ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සංගම් 44 ක සාමාජික සාමාජිකාවන් පනස්දහසකගේ පමණ සුභසාධක කටයුතු සදහා යොදවනු ලැබේ.

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මහලේකම් ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය, භාණ්ඩාගාරික මේජර් පී.කේ.සී. ශාන්තිලාල් කංකානම්ගේ, පොපි සැමරුම් කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් හේමන්ත ලියනගේ, කමිටු සාමාජිකයන් වන මේජර් පී.එච්. විල්ටස් ද සිල්වා, කපිතාන් ටී.එම්.එච්. මඩුගල්ල, කේ.එච්.එන්. චන්දි හෙට්ටිආරච්චි, අයි.කේ.ඒ. රෝහණි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මින් අනතුරුව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා වෙත ද පොපි මල පැළඳවීම සිදු විය.