30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldජෝ බයිඩ්න් සහ නරේන්ද්‍ර මෝදි අතර හමුවක්

ජෝ බයිඩ්න් සහ නරේන්ද්‍ර මෝදි අතර හමුවක්

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් ඊයේ (08) සිදු වුණා.

ජී විස්ස සමුළුවට සහභාගිවීම සඳහා ඇමරිකානු ජනාධිපතිවරයා ඉන්දියාවට පැමිණ සිටින අවස්ථාවේ මෙම හමුව සිදු වූ බවයි විදෙස් මධ්‍ය වාර්තා කළේ.

මෙහිදී නායකයින් දෙපළ අංශ රැසක සහයෝගීතාවයන්ට ප්‍රතිඥා ලබා දී තිබෙනවා.

මේ අතර ජී විස්ස සමුළුව අද (09) සහ හෙට (10) යන දෙදින තුළ ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පැවැත්වෙනවා.

මේ හේතුවෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර ආරක්ෂාව ද දැඩිලෙස තරකර ඇති බවයි වාර්තා වන්නේ.

දිල්ලි අගනුවර ආරක්ෂාවට පොලිස් නිලධාරීන් ලක්ෂයක් යොදවා ඇති බව සඳහන්.

මෙම සමුළුව සඳහා එක්වන රාජ්‍ය නායකයින් මේ වනවිටත් ඉන්දියාව වෙත පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතරු වාර්තා කළේ.

මේ අතර මෙවර සමුළුවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් එක නොවීමට තීරණය කර තිබෙනවා.

ජී විස්ස යනු ලොව විශාලතම ආර්ථිකයන් 19 සහ යුරෝපා සංගමයයි