― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්

ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්

සැප්තැම්බර් මාසයේ ගතවූ දින 10ක කාලය තුළ පමණක් ‍ඩෙංගු රෝගීන් 900කට ආසන්න පිරිසක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න සඳහන් කළේ ඩෙංගු රෝගීන් වාර්තා වීමේ සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබුණ ද පවතින වැසි තත්ත්වයත් සමග යළිත් මදුරු ගහනයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි.

පසුගිය මාසයේ අපිට රෝගීන් 5,000ක වගේ ප්‍රමාණයකුත් මේ මාසයේ දින 10ක වගේ කාලය තුළ අපිට රෝගීන් 900කට ආසන්න ප්‍රමාණයකුත් වශයෙන් තමා වාර්තා වෙන්නේ. විශේෂයෙන් බස්නාහිර පළාත තමා 50%කට ආසන්න ප්‍රමාණයක් සමස්ත රෝගීන් ප්‍රමාණයෙන් නිරීක්ෂණය වෙන්නේ. කෙසේවෙතත් පසුගිය වකවාණුව අනුව සංසන්ඳනය කරාම පසුගිය මාසයත් මේ මාසයත් යන දත්ත අනුව රෝගීන්ගේ සැලකිය යුතු අඩුවක් තමා අපි නිරීක්ෂණය කරන්නේ. දෛනික රෝගීන් ඉහළ මට්ටමක සිට පහළ මට්ටමකට පැමිණ තිබෙනවා. දිනකට රෝගීන් 100ක් 125ක් වගේ වාර්තා වෙන තත්ත්වයක් දක්වා. කෙසේනමුත් දැනට වාර්තා වන ආකාරයට දිවයින පුරා කඩින් කඩින් වැසි තත්ත්වයක් පවතිනවා. එම නිසා මේ ප්‍රදේශවල මදුරු ගහනය වැඩිවිය හැකි අවදානමක් තියෙනවා.