12.5 C
London
Saturday, September 30, 2023

‘හරක් කටා’ හා ‘කුඩු සලිඳු’ පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමේ සූදානමක්

තමන්ව රඳවාගෙන සිටින රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ නොකරන්නේ නම් සිය ජීවිතාරක්ෂාව තහවුරු කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන රිට් පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බව නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ සහ ‘කුඩු සලිඳු’ සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණය හමුවේ දැනුම් දුන්නා.

සිය ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හරක් කටා සහ කුඩු සලිඳු විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම් අද (11) කැඳවනු ලැබූ අවස්ථාවේ දී ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මෙම දැනුම්දීම සිදු කළා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න අධිකරණයට දන්වා සිටියේ අදාළ රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවමත් තීරණයක් ගෙන නොමැති බවයි.

කෙසේ වෙතත් මෙම පෙත්සම යළි ඔක්තෝම්බර් මස 25 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදිනම එම කටයුතුවල තත්ත්වය දැනුම් දෙන ලෙසත් පෙත්සමේ පාර්ශ්වකරුවන්ට නියෝග කළා.

Latest

කෝටි දෙකකට වෙන්දේසි වූ මයිකල් ජැක්සන්ගේ තොප්පිය

ලෝ ප්‍රකට පොප් සංගීත කලාකරුවකු වන අභාවප්‍රාප්ත මයිකල් ජැක්සන්ගේ...

එංගලන්ත සත්වෝද්‍යානයකට දුර්ලභ ‘ඇන්ඩියන් වලසෙක්’

පසුගිය දා එංගලන්තයේ චෙස්ටර් සත්වෝද්‍යානයට අති දුර්ලභ 'ඇන්ඩියන් වලසෙකු'...

සුපිරි වෙළඳසැලේදී ගුටි කෑ කත පොලීසියෙන් එල්ල වූ බලපෑම් හෙළිකරයි

බොරැල්ල, කොටා පාර ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් තුළ දී...

මෙරට විශ්වවිද්‍යාල 02ක් ලොව හොඳම විශ්වවිද්‍යාල අතරට

2024 වසරේ ලොව හොඳම විශ්වවිද්‍යාල අතරට ශ්‍රී ලංකාවේ කොළඹ...

Don't miss

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වෙනසක් අවශ්‍යයි – මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෙනසක් සිදු කළ යුතු බව...

සංස්කෘතියට ගරු කරන දරුවෙක් හැදීම දෙමාපියන්ගේ වගකීමක්

මෙරට පැරණි හෝ නූතන පරම්පරාවට අයත් කවුරුන් හෝ වේවා...

බුදු සසුන ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජය කැපවනවා

බුද්ධ ශාසනය ආරක්ෂා කරගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජය කැපවී...

වසර අවසන් වන විට සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරනවා

මෙම වසර අවසන් වන විට විදෙස් සංචාරකයන් ලක්ෂ 15ක්...

වැඩබලන අමාත්‍යවරුන් පස් දෙනෙකු පත් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ නිල සංචාරයක් සඳහා අද...

සුපිරි වෙළඳසැලේදී ගුටි කෑ කත පොලීසියෙන් එල්ල වූ බලපෑම් හෙළිකරයි

බොරැල්ල, කොටා පාර ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් තුළ දී තරුණ කාන්තාවකට පහරදීමේ සිද්ධියක් පිළිබඳව පසුගිය දා සමාජයේ දැඩි ලෙස කතාබහට ලක් වුණා. අදාළ සුපිරි වෙළඳසැලේ...

මෙරට විශ්වවිද්‍යාල 02ක් ලොව හොඳම විශ්වවිද්‍යාල අතරට

2024 වසරේ ලොව හොඳම විශ්වවිද්‍යාල අතරට ශ්‍රී ලංකාවේ කොළඹ විශ්ව විද්‍යාලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාල තේරී පත්ව තිබෙනවා. 'Times Higher Education World University' 2024 ශ්‍රේණිගත කිරීම...

රියදුරන්ට අවවාදාත්මක නිවේදනයක්

කඳුකර ප්‍රදේශවල ධාවනයේ යෙදෙන රියදුරන් ඉතා ප්‍රවේශම් විය යුතු බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව නුවරඑළිය - හැටන් ප්‍රධාන මාර්ගය, හැටන් - කොළඹ...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here