28 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචැනල් 4 චෝදනා විමර්ශනයට ජනපතිගෙන් කමිටුවක්

චැනල් 4 චෝදනා විමර්ශනයට ජනපතිගෙන් කමිටුවක්

පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය චැනල් 4 නාළිකාව විකාශය කළ වැඩසටහන සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ විසින් කමිටුවක් පත්කර තිබේ.

මෙම කමිටුවේ සභාපතිත්වය විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයෙක් විසින් දැරීමට නියමිතය.

ඒසේම පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව පසුපස මහ මොළකරුවෙක් සිටින බවට හිටපු නීතිපතිවරයා කළ චෝදනා විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමටද ජනපතිවරයා තීරණය කර තිබේ.

එසේම එම කමිටුවල විමර්ශන කටයුතු අවසන් වූ විට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව මෙන්ම ජනපති කොමිෂන් සභාවේ වාර්තා ද්විත්වය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.