දෙමටගොඩ දුම්රිය අංගනයේ සිට මරදාන දුම්රිය ස්ථානය වෙත දුම්රියක් ඇතුළත් කිරීමේදී පීලී පැනීමකට ලක්ව තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙලෙස පීලි පැනීමට ලක්ව ඇත්තේ මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය බවයි.
එම දුම්රිය පීලිගත කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවත් මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්රමාදයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.