― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩ්‍රෝනවලින් පොහොර ඉසීමට පුහුණු නියමුවෝ 16ක්

ඩ්‍රෝනවලින් පොහොර ඉසීමට පුහුණු නියමුවෝ 16ක්

ඩ්‍රෝන තාක්ෂණය යොදාගෙන පොහොර යෙදීම කෘමිනාශක, වල්නාශක යෙදීම සහ බීජ වැපිරීම සම්බන්ධයෙන් විශේෂිත පුහුණුවක් ලැබූ ඩ්‍රෝන නියමුවෝ 16 දෙනෙක් විසිර ගියහ.

අධ්‍යාපන අමාත්‍යංශයේ කෘෂිකාර්මික නිපුණතා සභාව යටතේ ඔවුහු පුහුණුව ලැබූ අතර සබරගමුව විශ්ව විද්‍යාල පරිශ්‍රයේදීයි මෙම විසිරයාමේ උත්සවය පැවැත්වුණේ.

කෘෂිකාර්මික නිපුණතා සභාව පවසන්නේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා ඩ්‍රෝන භාවිතය, ඩ්‍රෝන මෙහෙයුම් සහ නඩත්තුව, ගුවන් දත්ත රැස්කිරීම, දුරස්ථ සංවේදනය, භූමි සංගණනය සහ දත්ත විශ්ලේෂණය පිළිබඳව මොවුන් පුහුණුව ලැබූ බවයි.