දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ස්වදේශ කටයුතු රාජ්‍ය ආමාත්‍යාංශයට අයත් අනෙකුත් ආයතනවල සේවය කරන නිලධාරීන් සිදුකරන අකටයුතුකම් පිළිබඳව පැමිණිලි කිරීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව 1905 යන කෙටි දුරකථන අංකය අමතා අදාළ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි එම ආමාත්‍යාංශය සඳහන් කළේ.
මෙලෙස ලැබෙන පැමිණිලි විමර්ශනයට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගෙන් යුත් කණ්ඩායමක් ද පත්කර ඇති බවයි වාර්තා වුණේ.
මෙම දුරකථන අංකයට ලැබෙන පැමිණිලි කඩිනමින් විමර්ශනය කර අදාළ තීන්දු තීරණ ගන්නා ලෙසට රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත උපදෙස් දී ඇති බව සඳහන්.