27.2 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිය බිරිඳ ඝාතනය කළ ශ්‍රී ලාංකිකයෙක් සිංගප්පූරුවේදී අත්අඩංගුවට

සිය බිරිඳ ඝාතනය කළ ශ්‍රී ලාංකිකයෙක් සිංගප්පූරුවේදී අත්අඩංගුවට

තමා විසින් සිය බිරිඳව ඝාතනය කළ බවට පාපොච්චාරණය කළ ශ්‍රී ලාංකිකයෙක්ට එරෙහිව සිංගප්පුරු පොලීසිය විසින් අද (11) චෝදනා ගොනු කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 30 හැවිරිදි එශාන් තාරක කෝට්ටගේ නමැති පුද්ගලයා කැටොන්ග් නම් ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුළදී සිය බිරිඳව ඝාතනය කර ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 32 හැවිරිදි වියේ පසුවන සෙව්වන්දි මදුකා කුමාරි නැමැති කාන්තාවකි.

පසුගියදා (09) උදෑසන 10.45ත් සවස 4.42ත් අතර මෙම ඝාතනය සිදුකර ඇති අතර ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව සැකකරු පොලීසියට භාරවී තිබේ.

පොලිසිය හෝටල් කාමරයට පැමිණෙන විටත් ඇය කැපුම් තුවාලයක් සහිතව කාමරය තුළ වැටී ඇති අතර සිද්ධියට යොදා ගත් බවට සැක කෙරෙන පිහියක්ද හෝටල් කාමරයක තිබී සොයා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ වනවිට සැකකරු අධිකරණයට ඉදිරිපත්කර ඇති අතර එහිදී ඔහුව සතියක් බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.