― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportහාදුවෙන් ලොවක් කැලඹූ රුබියල්ස් ඉල්ලා අස්වෙයි

හාදුවෙන් ලොවක් කැලඹූ රුබියල්ස් ඉල්ලා අස්වෙයි

ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුයිස් රුබියල්ස් එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

කාන්තා ලෝක කුසලාන අවසන් ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ස්පාඤ්ඤ ඉදිරිපෙළ ක්‍රීඩිකා ජෙනී හර්මෝසෝ සිපගැනීම සම්බන්ධයෙන් එල්ල වූ විවේචන හේතුවෙනුයි සභාපතිවරයා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ.

33 හැවිරිදි හර්මෝසෝ පසුගිය අඟහරුවාදා මේ සම්බන්ධයෙන් නීතිමය පැමිණිල්ලක්ද ගොනු කරනු ලැබූ අතර ස්පාඤ්ඤයේ මහාධිකරණය අඟහරුවාදා හර්මෝසෝගේ සාක්ෂියෙන් පසුව රුබියල්ස්ට එරෙහිව ලිංගික අතවර සහ බලහත්කාරකම් සඳහා චෝදනා ගොනු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.