29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපශු පාලන ඖෂධ මිල පාලනය කරන්නැයි ඉල්ලීමක්

පශු පාලන ඖෂධ මිල පාලනය කරන්නැයි ඉල්ලීමක්

පශු පාලනයේදී භාවිතා කරන ඇතැම් ඖෂධ වර්ගවල මිල සීඝ්‍රයෙන් ඉහළ යාම පාලනය කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙස පශු වෛද්‍යවරුන් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීරගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඊයේ (11) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පශු වෛද්‍යවරුන් හා අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පැවති අතර එහිදීයි ඔවුන් අමාත්‍යවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇත්තේ.

එහිදී පශු වෛද්‍යවරුන් අමාත්‍යවරයා හමුවේ පවසා ඇත්තේ ඌරන්, බැටළුවන්, එළුවන් හා කුකුළන් වැනි සතුන් පාලනයේදී ඔවුන්ට බෝ වන රෝග වළක්වා ගැනීම සඳහා ඖෂධ භාවිත කිරීම අනිවාර්ය නමුත් මේ වනවිට වෙළෙඳපළේ එම ඖෂධවල මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි.