― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldකිම් ජොන් උන් වෙඩි නොවදින දුම්රියකින් රුසියාවට

කිම් ජොන් උන් වෙඩි නොවදින දුම්රියකින් රුසියාවට

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් නැගෙනහිර රුසියාවේ Vladivostok නගරයේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීමට වෙඩි නොවදින දුම්රියකින් යමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක රැයකින් කිම් ජොන් උන් දැනටමත් රුසියානු භූමියට පැමිණ ඇති බවත් රුසියානු ආර්ථික සමුළුව අවසන් වීමෙන් පසු ඉදිරි දිනවලදී නායකයන් දෙදෙනා අතර හමුව සිදුවනු ඇති බවත් ක්‍රෙම්ලිනය විසින් තහවුරු කර තිබේ.

මෙම හමුවේදී උතුරු කොරියාව සහ රුසියාව අතර ආයුධ ගනුදෙනු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.