28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාවෙන් පිළිතුරු

මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාවෙන් පිළිතුරු

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇති යෝජනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ජගත් මානව හිමිකම් කවුන්සලය හමුවේ ශ්‍රී ලංකාව ඊයේ (11) අවධාරණය කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හා තානාපතිනී හිමාලි අරුණතිලක මේ බව සඳහන් කළේ ස්විස්ටර්ලන්තයේ ජිනීවාහි පැවැත්වෙන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 54වැනි සැසිය අමතමිනි.

තවදුරටත් තානාපතිනිය ජගත් මානව හිමිකම් කවුන්සලයේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකා රජයේ මෙම ප්‍රතිචාරයට ප්‍රසිද්ධියක් සලසා දෙන ලෙසයි.

ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා නිකුත් කළ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් එහි නියෝජ්‍ය මහ කොමසාරිස් අල් නෂීෆ් සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනුයි ඇය මේ බව පැවසිවේ.

එම ලිඛිත වාර්තාවේ අන්තර්ගතය තුළින් ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය පෙන්නුම් නොකරන බවත් ආර්ථික, මූල්‍ය සහ සමාජ ස්ථාවරභාවය පිළිබඳ අදහස් දැක්වීමේ දී පසුගිය කාලය තුළ අන්තර්ජාතික වශයෙන් සහ දේශීය වශයෙන් සාර්ථකත්වයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බවත් ඇය එහිදී අවධාරණය කළාය.