30 C
Colombo
Friday, August 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉන්දියාවෙන් මාරාන්තික වෛරසයක් - දෙදෙනෙක් ජීවිතක්ෂයට

ඉන්දියාවෙන් මාරාන්තික වෛරසයක් – දෙදෙනෙක් ජීවිතක්ෂයට

දුර්ලභ වෛරසයක් වන ‘නිපා වෛරසය’ ආසාදනය වීමෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන් එක් අයෙක් අගෝස්තු මාසයේදී මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා මීට දින කිහිපයකට පෙර මියගොස් ඇති බවයි.

ඔවුන් දෙදෙනා එකම පවුලේ සාමාජිකයින් වන අතර තවත් දෙදෙනෙක්ට වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන අතර ඔවුන් දෙදෙනාගේ ජෛව සාම්පල පරීක්ෂණ සඳහා යවා තිබේ.

වෛද්‍යවරු පවසන්නේ නිපා වෛරසය හේතුවෙන් මොළයේ සෛල විනාශ වන බවත් එය මිනිසුන් අතර ශ්‍රාව ස්පර්ශයෙන් පැතිරෙන බවත්ය.

ආසාදිත ඌරන් සහ වවුලන් මඟින් මෙම වෛරසය පැතිරෙන අතර ඊට සුදුසු ප්‍රතිකාර ක්‍රමයක් මෙතෙක් සොයාගෙන නොමැත.