― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපොලිස් වෙස් ගෙන මුදල් වංචා කළ තරුණියක් අත්‌අඩංගුවට

පොලිස් වෙස් ගෙන මුදල් වංචා කළ තරුණියක් අත්‌අඩංගුවට

ව්‍යාජ නමකින්‌ පෙනී සිටිමින්‌ රුපියල්‌ ලක්ෂ 05 ක මුදල්‌ වංචා කිරීමක්‌ සම්බන්ධයෙන් මොරටුව පොලිසිය විසින්‌ විමර්ශනයක්‌ ආරම්භ කර තිබේ.

පසුගිය 07 වැනිදා මොරටුව පොලිස්‌ ස්ථානය වෙත ලැබී තිබූ පැමිණිල්ලකට අනුවයි මෙම විමර්ශනය අරඹා ඇත්තේ.

ඒ අනුව අපරාධයට සම්බන්ධ සැකකාරියක්‌ පෙරේදා (11) වැනිදා බොරැල්ල ප්‍රදේශයේදී මොරටුව පොලිස්‌ ස්ථානයේ නිලධාරින්‌ කණ්ඩායමක්‌ විසින්‌ අත්‌අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය වයස අවුරුදු 24ක්‌ වන සරණපාල හිමි මාවත, බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක්.

සැකකාරිය ගල්කිස්ස ප්‍රදේශයේ පුද්ගලික රක්ෂණ ආයතනයක සේවය කරමින්‌ සිටින අතරතුර මෙම අපරාධය සිදුකර ඇති බවත්‌ තමන්‌ උසස්‌ පොලිස්‌ නිලධාරිණියක්‌ බවට පවසමින්‌ පැමිණිලිකරුගෙන්‌ අවස්ථා දෙකකදී රුපියල්‌ ලක්ෂ 05 ක මුදලක්‌ වංචනිකව ඇයගේ බැංකු ගිණුම වෙත බැර කරගෙන ඇති බවත් අනාවරණය වී තිබේ.

එමෙන්ම සැකකාරිය විසින්‌ ව්‍යාජ හැදුනුම්පතක්‌ හා පොලිස්‌ මූලස්ථානයේ ලිපි ශීර්ෂයක්‌ ව්‍යාජ ලෙස නිර්මාණය කර එහි ඡායාරූප පැමිණිළිකරු හට වට්ස්‌ ඇප්‌ මඟින් මගින්‌ යොමුකර මෙම වංචාව සිදුකර ඇති අතර ඒ සඳහා භාවිතා කරන ලද ජංගම දුරකථනයක්‌ හා ව්‍යාජ ලේඛනයන්‌ පොලිසිය චිසින්‌ සොයා ගෙන ඇත.

මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.