19.3 C
London
Tuesday, October 3, 2023

අලි සබ්‍රි රජයේ අක්කර ගණනක් අනවසරයෙන් භුක්ති විඳලා

වසර ගණනාවක් පුරා පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් විසින් රජයට අයත් අක්කර 214ක භූමියක් අනවසරයෙන් භුක්ති විඳ ඇති බව අනාවරණය වී තිබේ.

පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදීයි මේ බව අනාවරණය වී ඇත්තේ.

එම ඉඩම පෞද්ගලික සමාගමක් නමින් ලුණු නිෂ්පාදනය සඳහා යොදාගෙන ඇති බවත් වසර 14ක පමණ සිට මෙම ඉඩමෙන් රජයට බදු නොගෙවීම හේතුවෙන් රුපියල් කෝටි 20ක ආසන්න මුදලක් පාඩුවක් සිදුව ඇති බවත් මෙම කමිටුවේදී හෙළිවී ඇත.

එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්න වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය.

පුත්තලම දිස්ත්‍රික්කයේ රජයේ ඉඩමක් වසර ගණනාවක් එයාලා අනවසරයෙන් අක්කර 214ක් ලුණු නිෂ්පාදනය කරලා තියෙනවා. මේ ගැන හොයලා බලලා කල්පිටියේ හිටපු ප්‍රාදේශීය ලේකම්තුමා මේ අයට දැනුවත් කරලා තියෙනවා මේ ඉඩමට බදු ගෙවන්න කියලා. මේ අය බදු ගෙවලා නෑ. බදු ගෙවලා නැති නිසා එතුමා මේක සම්පුර්ණයෙන්ම රජයට පවරාගෙන තියෙනවා. එතකොට ඒ සියලුදේ රජයට අයිති වෙනවා. මේක අනවසරයෙන් අවුරුදු 15ක් වගේ භුක්ති විඳලා තියෙනවා. රු 10ක් වත් රජයට බදු ගෙවන්නේ නැතිව. මේ කූඨ ව්‍යාපාරිකයා දේශපාලනයට සම්බන්ධයි කියලා පස්සේ තමයි දැනගන්න හම්බවුණේ. පුත්තලම් දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍ර්රි රහීම් එයාගේ කටින්ම කිව්වට පස්සේ තමා මමත් දන්නේ. නැත්නම් මම දන්නේ නෑ කවුද අයිතිකාරයා කියලා. මේකේ තිබුණ සියලු සම්පත් මේ පුද්ගලයා තවමත් භුක්ති විඳිනවා.

225 මේ රටේ මිනිස්සු පළ යන්න කියලා බනිනකොට, අපිට පුංචි කැක්කුමක් එනවා හොරකම් නොකරපු මිනිස්සු හැටියට මේ ප්‍රශ්නවලට උත්තර හොයන්න ගියාම අපි බැනුම් අහනවා. මම කියන්නේ මේකේ නියම බද්ද එකතු කරගන්න. අඩුම තරමේ මේ දේපළ රජයේ නිසා ඒවා රජයේ සන්තකයේ තියා ගන්න. ඕනම දේශපාලනඥයෙක් හොරකම් කරලා තියෙනවා නම්, ඔන්න දැන් බඩුත් එක්ක හොරු අහුවෙලා තියෙනවා. ඒවට දඬුවම් කරන්න අධිකරණයට භාරයි. නිලධාරීන්ට භාරයි”

Latest

අයහපත් කාලගුණය නිසා පාසලක් වැසේ

නායයෑමේ අවදානමක් හේතුවෙන් කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා කනිෂ්ඨ විද්‍යාලය...

මුදල් ආරවුල පුද්ගලයෙකුට දිවි අහිමි කරයි

තියුණු ආයුධයකින් පහරදී අද (02) සවස පුද්ගලයකු ඝාතනය කර...

පහ වසර සිසුවියකට අමුතු පාඩමක් කියාදෙන්න හැදූ ගුරුවරයෙකු අත්අඩංගුවට

ඉංගිරිය ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක පහ වසර සිසුවියකට ලිංගික අතවර...

වලසෙකුගේ පහරදීමකින් අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට

කැනඩාවේ ඇල්බර්ටා - බැන්ෆ් ජාතික වනෝද්‍යානයේදී වළසෙකුගේ පහරදීමකින් අඹු...

Don't miss

තනි පුද්ගලයකුට මේ රට ගොඩගන්න බෑ – අනුර කුමාර

තමාට මොළ හතක් නොමැති බවත් තනි පුද්ගලයකුට කිසිසේත්ම මේ...

මාලදිවයිනේ නව ජනපතිට ශ්‍රී ලංකා ජනපතිගෙන් සුබ පැතුම්

මාලදිවයිනේ නව ජනාධිපති ලෙස තේරි පත් වු මොහොමඩ් මුයිසු...

ජනපති රනිල් යළි දිවයිනට

ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වුණු "බර්ලින් ගෝලීය සංවාදය"ට සහභාගී වීම...

නාමල් ගැන මහින්ද කියයි

අද (30) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ...

බදු ගෙවීම ජනතාවගේ යුතුකමක්

බදු ගෙවීම ජනතාව සතු යුතුකමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය...

26ක් රෝහල්ගත කළ වෙන්නප්පුවේ බඹර ප්‍රහාරය

බඹර ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් වෙන්නප්පුව - මාටින් ද ෆොරස්ට් විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු 26 දෙනෙක් රෝහල්ගත කර තිබේ. තුවාල ලැබුවන් සියලුදෙනා ලුණුවිල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර...

කාන්තාවක් එළොව යැවූ සැකකරුගේ මෝටර් රථය හමුවෙයි

සපුගස්කන්ද ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි ප්‍රදීපා සිල්වා නම් රූමත් කාන්තාවක් අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධ සුධීර නම් සැකකරුගේ මොටර් රථය ඊයේ...

මැතිවරණ කොමිසමට නොතීසි

මැතිවරණ කොමිසමේ නව සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් වෙත යළි නොතීසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නියෝග කළේය. ඉකුත් මාර්තු මස 09 වනදා පැවැත්වීමට...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here