12.5 C
London
Saturday, September 30, 2023

ඉන්දීය යුද නෞකාවක් ත්‍රීකුණාමලය වරායට

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Nireekshak’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද උදෑසන ත්‍රීකුණාමලය වරායට සේන්දු වී තිබෙනවා.

එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කළ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

මෙලෙස ත්‍රීකුණාමලය වරායට සේන්දු වූ Diving Support Vessel වර්ගයට අයත් ‘INS Nireekshak’ යුද නෞකාව, දිගින් මීටර් 70.5ක් සහ නැව් මුළුව 137 ගෙන් සමත්විතයි.

නෞකාවේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් ජීතු සිං චවුහාන් (Cdr Jeetu Singh Chauhan) සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර නිල හමුවක් අද උදෑසන එම විධාන මූලස්ථානයේදී සිදු කෙරුණා.

නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල නාවික හමුදා කිමිදුම් අංශය සමඟ කිමිදුම් පුහුණු වැඩසටහන් පැවැත්වීමට සහ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් වෛද්‍ය කඳවුරක් පැවැත්වීමටද නියමිතයි.

එමෙන්ම, එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන වැඩසටහන් සඳහා සහභාගීවීමට මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව තිබෙනවා.

‘INS Nireekshak’ නෞකාව 21 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

Latest

කෝටි දෙකකට වෙන්දේසි වූ මයිකල් ජැක්සන්ගේ තොප්පිය

ලෝ ප්‍රකට පොප් සංගීත කලාකරුවකු වන අභාවප්‍රාප්ත මයිකල් ජැක්සන්ගේ...

එංගලන්ත සත්වෝද්‍යානයකට දුර්ලභ ‘ඇන්ඩියන් වලසෙක්’

පසුගිය දා එංගලන්තයේ චෙස්ටර් සත්වෝද්‍යානයට අති දුර්ලභ 'ඇන්ඩියන් වලසෙකු'...

සුපිරි වෙළඳසැලේදී ගුටි කෑ කත පොලීසියෙන් එල්ල වූ බලපෑම් හෙළිකරයි

බොරැල්ල, කොටා පාර ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් තුළ දී...

මෙරට විශ්වවිද්‍යාල 02ක් ලොව හොඳම විශ්වවිද්‍යාල අතරට

2024 වසරේ ලොව හොඳම විශ්වවිද්‍යාල අතරට ශ්‍රී ලංකාවේ කොළඹ...

Don't miss

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වෙනසක් අවශ්‍යයි – මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෙනසක් සිදු කළ යුතු බව...

සංස්කෘතියට ගරු කරන දරුවෙක් හැදීම දෙමාපියන්ගේ වගකීමක්

මෙරට පැරණි හෝ නූතන පරම්පරාවට අයත් කවුරුන් හෝ වේවා...

බුදු සසුන ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජය කැපවනවා

බුද්ධ ශාසනය ආරක්ෂා කරගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජය කැපවී...

වසර අවසන් වන විට සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරනවා

මෙම වසර අවසන් වන විට විදෙස් සංචාරකයන් ලක්ෂ 15ක්...

වැඩබලන අමාත්‍යවරුන් පස් දෙනෙකු පත් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ නිල සංචාරයක් සඳහා අද...

නිපා වෛරසය දරුවන්ට මාරාන්තිකයි

ඉන්දියාවේ වෛද්‍ය විශේෂඥයන් විසින් නිපා වෛරසය දරුවන් අතර බොහෝ සංකූලතා ඇති කරන බවත්, දරුවන්ට මාරාන්තික තත්ත්වයකට පවා හේතු විය හැකි බවත් අනතුරු අඟවා තිබෙනවා....

මෙරට උද්ධමනය පහළට

මෙරට උද්ධමනයේ නවතම වාර්තාව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අද (27) නිකුත් කර ඇත. ඊට අනුව, අගෝස්තු මාසයේ දී වාර්තා වූ 4%ට සාපේක්ෂ ව සැප්තැම්බරයේ...

කොටහේන පොලිසියේ පිස්තෝල ගිනි අවියක් ජිව උණ්ඩ සමඟ අතුරුදහන්

කොටහේන පොලිසියේ පිස්තෝල ගිනි අවියක් ජිව උන්ඩ සමග පෙරේදා (26) සිට අස්ථානගත වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය උප සේවා රාජකාරි බාර ගැනීම සඳහා...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here