― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportශ්‍රී ලංකා - පකිස්ථාන තීරණාත්මක තරගය අද

ශ්‍රී ලංකා – පකිස්ථාන තීරණාත්මක තරගය අද

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර තීරණාත්මක තරගය අද (14) පැවැත්වීමට නියමිතය.

මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන 17 වැනි ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයේදී ඉන්දියාවට එරෙහිව සටන් බිමට පිවිසෙනවා.

ශ්‍රී ලංකා – පාකිස්තාන තරගය යම් හෙයකින් වර්ෂාවට සේදී ගියහොත් දළ ලකුණු ලබා ගැනීමේ වේගය මත ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත. දැනටමත් සුපිරි 4 වටයේ ඉදිරියෙන්ම සිටින ඉන්දියාව තරග 2ක් ජයගෙන ලකුණු 4ක් ගෙන සිටින අතර පාකිස්තානය හා ශ්‍රී ලංකාව තරගය බැගින් ජය ලබා ලකුණු 2ක් ලබා සිටිති. දළ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව ශ්‍රී ලංකාව -0.200ක් ලබා පාකිස්තානයට ඉහළින් සිටින අතර පාකිස්තානය දල ලකුණු වේගය -1.892ක් සටහන් කර සිටී.

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව සුපිරි හතර වටයේදී බංග්ලාදේශයට එරෙහිව තරග ජයගත් අතර ඉන්දියාව හමුවේ පරාජයට පත් වූහ.

පකිස්තානය සතු ප්‍රබල වේග පන්දු යවන්නන් දෙදෙනකු වන හැරිස් රවුෆ් සහ නසීම් ෂා ආබාධ ලැයිස්තුවට එක්ව සිටින හෙයින් අද තරගයට ක්‍රීඩා නොකරනු ඇත. ඒ වෙනුවට ෂානවාස් ධහානී හා සමාන් ඛාන් අද තරගයට ක්‍රීඩා කිරීමේ සූදානමින් සිටි.

ලොව අංක එකේ එක්දින කණ්ඩායම ලෙස ශ්‍රේණිගතව සිටින පකිස්තානයේ පන්දු යැවීමේ අංශය ඉතා ප්‍රබල බැවින් ඔවුන් පරාජයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට අද තියුණු තරගයක නිරත වීමට සිදු වේ.

අද තරගයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් කරන්නේද යන්න තරගය ආරම්භ කිරීමට ප්‍රකාශ කිරීමට නියමිතව ඇත.

පාකිස්තානය හා ශ්‍රී ලංකාව මෙතෙක් එක්දින තරග 155කට ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 92ක ජය පාකිස්තානය හා තරග 58ක ජය ශ්‍රී ලංකාව ලබා ඇත.

ශ්‍රී ලංකා සංචිතය: දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, චරිත් අසලංක, සධීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, මතීෂ පතිරණ, කසුන් රාජිත, දුශාන් හේමන්ත, ප්‍රමෝද් මධුෂාන්, බිනුර ප්‍රනාන්දු

පාකිස්තාන සංචිතය: බාබර් අසාම් (නායක), ෆකර් සමාන්, ඉමාම් උල් හක්, මොහොමඩ් රිස්වාන්, අගා සල්මන්, ඉෆ්තිකාර් අහමඩ්, සදාබ් ඛාන්, ෆහීම් අශ්රෆ්, ශහීන් අෆ්රිඩි , නසීම් ෂා, හැරිස් රවුෆ්, ෂානවාස් ධහානී හා සමාන් ඛාන්