27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලොව සංචාරයට හොඳම රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාවත්

ලොව සංචාරයට හොඳම රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාවත්

සංචාරක වෙබ් අඩවියක් වන බිග් සෙවන් ට්‍රැවල් වෙබ් අඩවිය සංචාරය කිරීමට ලොව හොඳම රටවල් 50 නම් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව එම ලැයිස්තුවේ 13 වන ස්ථානයේ පසුවන අතර ස්පාඤ්ඤය, මැලේසියාව, මාලදිවයින, බාලී, ඉන්දුනීසියාව සහ සීශෙල්ස් යන රටවල්වලට ඉහළින් ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම විශේෂත්වයකි.

2023 වසරේ දී සංචාරකයින් වෙනුවෙන් ඇති අවස්ථා සැලකිල්ලට ගනිමින් මෙම නම් කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.

අදාළ වෙබ් අඩවිය සඳහන් කර ඇත්තේ සංචාරකයින්ට මිත්‍රශීලි ආගන්තුක සත්කාර දැක්වීම සහ ප්‍රණීත ආහාර පාන සැපයීම සහ වෙරළේ සුන්දරත්වය මෙන්ම පෞරාණික නටඹුන් නැරඹීමේ හැකියාව ශ්‍රී ලංකාව තුළ පවතින බවයි