27.2 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportICC ක්‍රිකට් ලෝක කුසලානය මහජන ප්‍රදර්ශනයට

ICC ක්‍රිකට් ලෝක කුසලානය මහජන ප්‍රදර්ශනයට

ICC ක්‍රිකට් ලෝක කුසලාන 2023 කුසලානය මහජන ප්‍රදර්ශනයට තබා තිබේ.

ඒ අනුව සුවහසක් ක්‍රීඩා ලෝලීන්ට අද (14) මෙම කුසලානය සි‍යැසින් දැක ගැනීමේ අවස්ථාව හිමිවනු ඇත.

ඊයේ (13) ශ්‍රී ලංකාවට රැගෙන ආ ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ අද (14) පෙරවරු 9:00 සිට පස්වරු 2:00 දක්වාද ඉන් අනතුරුව පස්වරු 3:00 සිට රාත්‍රී 8:00 දක්වා One Galle Face Mall හිදීද ප්‍රදර්ශනය කෙරෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.

හෙට (15) දිනයේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ සහභාගීත්වයෙන් කුසලානය මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කිරීමට නියමිතය.