19.3 C
London
Tuesday, October 3, 2023

ජනපති රනිල් කියුබා ජනපති අතර හමුවක්

‘G77 සහ චීනය’ රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා කියුබාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ කියුබා ජනාධිපති මිගෙල් ඩියෙස් කැනෙල් බර්මියුඩෙස් (Miguel Díaz-Canel Bermudez) අතර නිල හමුවක් සිදුවී තිබෙනවා.

මෙරට වේලාවෙන් ඊයේ (14) පස්වරුවේයි මෙම හමුව සිදු වී ඇත්තේ.

කියුබාවේ ‘විප්ලවයේ මාළිගාව’ වෙත ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියුබානු ජනාධිපතිවරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් හමුදා ‍උත්තමාචාර ද පිරිනැමුණා.

සුහද කතාබහකින් අනතුරුව නායක දෙපළ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ පැමිණීම ඉතා ඉහළින් පිළිගන්නා බව සඳහන් කළ කියුබානු ජනාධිපතිවරයා දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වයේ වටිනාකම පිළිබඳව ද සිහිපත් කර තිබෙනවා.

අතීතයේ සිට ශ්‍රී ලංකාව සහ කියුබාව අතර පැවති ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගීතාවය මෙහිදී සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියුබාවට එරෙහි සම්බාධක ඉවත් කරන ලෙස ඉල්ලා සිටින එක්සත් ජාතීන්ගේ යෝජනාවට ශ්‍රී ලංකාව නිරන්තරයෙන් සහාය දුන් බවත් කියුබාව මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් බහුපාර්ශ්වික වේදිකාවල ශ්‍රී ලංකාවට සහාය ලබා දී ඇති බවත් සිහිපත් කළා.

ඉදිරියේ දී සෞඛ්‍ය, කෘෂිකර්ම සහ ක්‍රීඩා ඇතුළු ක්ෂේත්‍ර ඔස්සේ දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳ නායක දෙපළ දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

ගෝලීය වශයෙන් උතුරු – දකුණු රටවල් අතර විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදන යන ක්ෂේත්‍රයන්හි පවතින පරතරය අවම කර ගැනීම පිළිබඳව ද මෙහිදී නායකයන්ගේ අවධානය යොමු වූ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ විශේෂඥ දැනුම බෙදා ගැනීම පිළිබඳව ද සාකච්ඡා වුණා.

ජාත්‍යන්තර කටයුතුවලදී කියුබාවට ශ්‍රී ලංකාවේ සහාය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී සඳහන් කළ අතර මානව හිමිකම් යෝජනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන බවට කියුබානු ජනාධිපතිවරයා සහතික වී තිබෙනවා.

එසේම ලබන වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරක නිරත වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය කියුබා ජනාධිපති මිගෙල් ඩයස් කැනල් බර්මියුඩෙස් විසින් පිළිගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Latest

අයහපත් කාලගුණය නිසා පාසලක් වැසේ

නායයෑමේ අවදානමක් හේතුවෙන් කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා කනිෂ්ඨ විද්‍යාලය...

මුදල් ආරවුල පුද්ගලයෙකුට දිවි අහිමි කරයි

තියුණු ආයුධයකින් පහරදී අද (02) සවස පුද්ගලයකු ඝාතනය කර...

පහ වසර සිසුවියකට අමුතු පාඩමක් කියාදෙන්න හැදූ ගුරුවරයෙකු අත්අඩංගුවට

ඉංගිරිය ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක පහ වසර සිසුවියකට ලිංගික අතවර...

වලසෙකුගේ පහරදීමකින් අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට

කැනඩාවේ ඇල්බර්ටා - බැන්ෆ් ජාතික වනෝද්‍යානයේදී වළසෙකුගේ පහරදීමකින් අඹු...

Don't miss

තනි පුද්ගලයකුට මේ රට ගොඩගන්න බෑ – අනුර කුමාර

තමාට මොළ හතක් නොමැති බවත් තනි පුද්ගලයකුට කිසිසේත්ම මේ...

මාලදිවයිනේ නව ජනපතිට ශ්‍රී ලංකා ජනපතිගෙන් සුබ පැතුම්

මාලදිවයිනේ නව ජනාධිපති ලෙස තේරි පත් වු මොහොමඩ් මුයිසු...

ජනපති රනිල් යළි දිවයිනට

ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වුණු "බර්ලින් ගෝලීය සංවාදය"ට සහභාගී වීම...

නාමල් ගැන මහින්ද කියයි

අද (30) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ...

බදු ගෙවීම ජනතාවගේ යුතුකමක්

බදු ගෙවීම ජනතාව සතු යුතුකමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය...

26ක් රෝහල්ගත කළ වෙන්නප්පුවේ බඹර ප්‍රහාරය

බඹර ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් වෙන්නප්පුව - මාටින් ද ෆොරස්ට් විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු 26 දෙනෙක් රෝහල්ගත කර තිබේ. තුවාල ලැබුවන් සියලුදෙනා ලුණුවිල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර...

කාන්තාවක් එළොව යැවූ සැකකරුගේ මෝටර් රථය හමුවෙයි

සපුගස්කන්ද ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි ප්‍රදීපා සිල්වා නම් රූමත් කාන්තාවක් අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධ සුධීර නම් සැකකරුගේ මොටර් රථය ඊයේ...

මැතිවරණ කොමිසමට නොතීසි

මැතිවරණ කොමිසමේ නව සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් වෙත යළි නොතීසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නියෝග කළේය. ඉකුත් මාර්තු මස 09 වනදා පැවැත්වීමට...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here