30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදින 15කදී ඩෙංගු රෝගීන් 1000ක්

දින 15කදී ඩෙංගු රෝගීන් 1000ක්

මෙම මාසයේ ගතවූ දින කිහිපය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 1,000කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.

මේ වනවිට දෛනිකව ඩෙංගු රෝගීන් 100 ක් පමණ හඳුනා ගැනෙන බවයි එහි අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න පැවසුවේ.

පවතින වැසි තත්ත්වයත් සමඟ මෙරටින් හඳුනාගැනෙන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බැවින් ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්ත වලට අනුව මේ වසරේ මේ දක්වා වාර්තාවූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 63,000 කට අධිකය.