27.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජපන් ජාතිකයෙකුගේ ශ්‍රී ලාංකික බිරිඳ හා දරුවා අතුරුදන්

ජපන් ජාතිකයෙකුගේ ශ්‍රී ලාංකික බිරිඳ හා දරුවා අතුරුදන්

ජපන් ජාතිකයෙකු විසින් තම ශ්‍රී ලාංකික බිරිය සහ දරුවා අතුරුදන් වී ඇති බවට පොලිස් සංචාරක කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඔහු ඊමේල් පණිවුඩයක් ඔස්සේ පොලිස් සංචාරක කොට්ඨාසය වෙත පැමිණිල්ලක් යොමු කරමින් පවසා ඇත්තේ තම 54 හැවිරිදි බිරිය සහ 15 හැවිරිදි දරුවා අගෝස්තු මස 22 වැනිදා ලංකාවට පැමිණ ඇති බවත් ඔවුන් නැවතත් ජපන් රටට නොපැමිණි බවත්ය.

ජපන් ජාතිකයා ලබාදී ඇති ලංකාවේ ලිපිනයන් අනුව ඒ සම්බන්ධයෙන් සෙවීමට විශේෂ විමර්ශනයක් අරඹා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.