― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගංජා වැවූ රුසියානු ජාතිකයා අත්අඩංගුවට

ගංජා වැවූ රුසියානු ජාතිකයා අත්අඩංගුවට

හබරාදුව පොලිසිය විසින් රුසියානු ජාතිකයෙකු විසින් පවත්වාගෙන ගිය ගංජා වගාවක් වටලා තිබේ.

රුසියානු ජාතිකයෙකුට පහර දී මුදල් බලෙන් ලබා ගැනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රුසියානු ජාතිකයෙකු සම්බන්ධව විමර්ශන කිරීමේදීයි මෙම ගංජා වගාව සොයා ගැනීමට පොලීසිය සමත්ව ඇත්තේ.

පොලීසිය පවසන්නේ අත්අඩංගුවට ගත් රුසියානු ජාතිකයා නවාතැන්ගෙන සිටි වංචාවල, කදුරුදූව ප්‍රදේශයේ නවාතැන් පළක රහසිගතව මෙම ගංජා වගාව සිදුකරගෙන ගොස් ඇති බවයි.

එහිදී ගංජා පැළ 591ක් පොලිස් බාරයට ගෙන ඇති අතර එම ගංජා පැළ සමග රුසියානු ජාතිකයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.