27.8 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබස් රථ අනතුරකින් සිසුන් 21ක් රෝහලට

බස් රථ අනතුරකින් සිසුන් 21ක් රෝහලට

බස් රථ අනතුරකින් පාසල් සිසුන් 21 දෙනෙකු සහ ගුරැවරියක පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව පාදුක්ක පොලිසිය පවසයි.

නාරම්මල සිට පාසල් සිසුන් පිරිසක් රැගෙන හෝමාගම දක්වා පැමිණෙමින් සිටි බස් රථයක පිටුපසින් පැමිණි තවත් බස් රථයක් පාදුක්ක තුන්නාන ප්‍රදේශයේදී ගැටීම නිසා මෙම අනතුර සිදුව තිබේ.

නාරම්මල මයුරපාද මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථ හයක් හෝමාගම පිටිපන නැනෝ තාක්ෂණික ආයතනයේ පැවැත්වෙන සම්මන්ත්‍රණයක් සදහා සහභාගී වීමට පැමිණෙන අතරතුර ඉදිරියෙන් පැමිණි බස් රථය වාහන තදබදයක් නිසාවෙන් තුන්නාන ප්‍රදේශයේදී නැවැත්වූ අවස්ථාවේදී පිටුපසින් පැමිණි බස් රථය ඉදිරියේ නවතා තිබූ බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම අනතුරෙන් සිසුන් 18 දෙනෙකුට සුළු තුවාල පමණක් සිදුව ඇති බවත් වැඩිදුර පරීක්ෂණ සඳාහා සිසුන් තිදෙනෙකු හෝමාගම මූලික රෝහල වෙත මාරැ කර යැවූ බවත් වාර්තා වෙයි.