27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහදිසි ඖෂධ මිලදී ගැනීම නවතී

හදිසි ඖෂධ මිලදී ගැනීම නවතී

සිය උපදෙස් මත හදිසි මිලදී ගැනීම් වශයෙන් ඖෂධ වර්ග 75ක් ගෙන්වීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කළ ටෙන්ඩර් කැඳවීම නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට ඊයේ (14) සිදුවිය.

නිලධාරින්ගෙන් එල්ල වූ විරෝධතා හේතුවෙනුයි අමාත්‍යවරයාට මෙම තීරණය ගැනීමට සිදු වූයේ.

මෙම ඖෂධ සඳහා මිල ගණන් කැඳවීමට ඇමැතිවරයා සභාපතිවරයාට උපදෙස් දී ඇත්තේ ප්‍රසම්පාදන කමිටුවේ කිසිදු අනුමැතියකින් හෝ සාකච්ඡාවකින් ද තොරව බවයි වාර්තා වන්නේ.

හදිසියේ මිල ගණන් කැඳවීමට බලය ඇත්තේ අමාත්‍යාංශ ලේකම්වරයාට මිස සංස්ථාවේ සභාපතිවරයාට නොවන බවයි නිලධාරීන් අමාත්‍යවරයා හමුවේ පවසා අත්තේ.